FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 30 පෙර පැවැත්විය හැකියි…

ලබන වසරේ අප්‍රේල් මස 30 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් හෙතම මෙ බව කියා සිටියේය.

ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා පළාත් පාලන අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතු බවයි.