FAST NEWS

24×7 Around the Globe

මුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කෙර්..(UPDATE)…

අද (08) අලුයම බලපිටිය ප්‍රදේශයේ දී පීලි පැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන දුම්රිය මේ වන විට පීලි ගතකර ඇති බවත් එසේම එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද දුම්රිය පාලක මැදිරිය පවසයි..

++++++++++++++++++++++++++++++(update)

දුම්රියක් පිළි පැනිමෙන් මුදුබඩ මාර්ගයේ ධාවනයට බාධා…

අද(8) අළුයම 2:30 පමණ බලපිටිය ආඳාගල අතර ඕවිලානේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක්  පීලි පැනීම හේතුවෙන් මුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කළේය.

එ අනුව මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම හා අම්බලන්ගොඩ අතර දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.