FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාරට ඇප…

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට මීගමුව මහධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

2001 වර්ෂයේ මීගමුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පෙළපාලියකින් රැස්වී‍මකට සහභාගිවෙමින් සිටි පාක්ෂිකයින් දෙදෙනෙකු අනතුරකට ලක් කිරීමේ  සිදුවීමකට අදාළව සරත් කුමාර ගුණරත්න මහතාව රිමාන්ඩි බන්ධනාගාරගත කර සිටියේය.

එම සිද්ධියට අදාළ නඩුව අද(07) කැඳවූ අවස්ථාවේ  මීගමුව මහ අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

එ අනුව රුපියල් 50,000 ක මුදල් ඇපයක් හා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔහුට ඇප ලබා දී  තිබේ.

එමෙන්ම විදෙස් ගමන් තහනම් කර ඇති අතර සෑම මසකම 3 වන ඉරිදා දින මීගමුව පොලීසිය ඉදිරියේ පෙනී සිටින ලෙස   මහාධිකරණය නියෝග කර තිබේ.

2001 වර්ෂයේ මීගමුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පෙළපාලියකින් රැස්වී‍මකට සහභාගිවෙමින් සිටි පාක්ෂිකයින් දෙදෙනෙකු අනතුරකට ලක් කිරීමේ  සිදුවීමකට අදාළව සරත් කුමාර ගුණරත්න මහතා එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.