FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය සේවා කමිටුවක් ස්ථාපිත කරයි..

සෞඛ්‍ය  අමාත්‍යංශයේ ලිපිගොනු ගනුදෙනු කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය සේවා කමිටුවක් ස්ථාපිත කරනු ලැබ ඇත.

එම අමාත්‍යංශයේ ලිපිගොනු ප්‍රමාද වීම වැලැක්වීම සඳහා මේ පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එහි සභාපතිවරයා ලෙස ඩී.එම් බන්දුසේන මහතා පත් කර ඇති අතර එස් පී වෙල්ලපිල්ලි මෙනවිය සහ වෛද්‍ය සී.කේ ෂන්මුගරාජා මහතා සෙසු සාමාජිකයෝ වෙති.

කමිටුවේ ලේකම් ලෙස ඩච්.ඩ්.ඩී.සී ජයසේකර මහත්මිය පත් කර තිබේ.

සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ ඉල්ලීම පරිදි මෙම කමිටුව පත් කර ඇති අතර එම පත්වීම් ගැන රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට ලිඛිතව දන්වා තිබේ.