FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 04ක් සඳහා වු නාය යෑමේ අවධානම තවදුරටත්..

දිස්ත්‍රික්ක 04ක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම් තත්ත්වය තවදුරටක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා තවදුරටත් නායයෑමේ අවදානම පවතින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.

කඳුකර ආශ්‍රිතව ජිවත් වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම ජල ගැලීම් හේතුවෙන් අවහිර තිබූ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග යථා තත්ත්වය පත්වෙමින් තිබෙනව බව ද ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද(07) සිට ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.