FAST NEWS

24×7 Around the Globe

‘ආවා’ කල්ලියේ 6 ක් අත්අඩංගුවට ගැනේ..

‘ආවා’ කල්ලියේ බවට සැකකරන පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (05දා) දිනයේදී වන අතර, ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව යාපනයේ චුන්නාකම් පළාතෙන් තවත් දෙදෙනෙකු අද (06දා) අත් අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පොලිස් අපරාධ විමර්ශන අංශයෙ නිලධාරීන් පිරිසක් මේ වනවිට යාපනයට පැමිණ සිටින බවත් එම කණ්ඩායම යාපනය පොලීසියේද සහාය ඇතිව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.