FAST NEWS

24×7 Around the Globe

අයහපත් කාළගුණයෙන් පුද්ගලයන් 469,299ක් පීඩාවට…

දිස්ත්‍රික්ක 21කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 131,430කට අයත් පුද්ගලයන් 469,299ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම පිරිසෙන් පවුල් 3,456ක් පීඩාවට පත්ව තිබෙන්නේ ගාල්ල, හම්බන්තොට, නුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඇති වී තිබෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙනි.

අනෙකුත් සියලුම දෙනා පීඩාවට පත්ව සිටින්නේ දිස්ත්‍රික්ක 17ක් පුරා පවතින වියලි කාලගුණ තත්ත්වය නිසා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික නිවේදනයේ සඳහන් වේ.