FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියානු ගුවන් යානාවක් අනතුරට ලක්වෙයි.

ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් හර්කියුලීස් සී 130 යුද ගුවන් යානාවක් ඉන්දුනිසියාවේ දී අනතුරට ලක්ව තිඛෙනවා. බී.බී.සී ලෝක සේවය වාර්තාකළේ ඉන්දුනිසියාවේ මෙඩාන් නගරය ආසන්නයේ දී අදාල යානාව අනතුරට ලක්ව ඇති බවයි. ඉන්දුනිසියානු රූපවාහිනි නාලිකා වාර්තා කළේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ගුවන් යානාව තුළ රැඳි සිට ඇති බවයි.

කෙසේවෙතත් අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මෙතෙක් වාර්තා වී නැහැ.