FAST NEWS

24×7 Around the Globe

විමල් වීරවංශගේ දියණියගෙන් ළමාරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක්…

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය අද (04) ළමාරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

තමන්ට එරෙහිව, තමා සම්බන්ධව අසත්‍ය ප්‍රචාර සිදු කරන බවට ඇය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පසුගියදා තම නිවසේදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව වෙබ් අඩවිවල අසත්‍ය පුවත් ප්‍රචාරණය වන බවටයි විරවංශ මහතාගේ දියණිය විසින් චෝදනා කර ඇත්තේ.