FAST NEWS

24×7 Around the Globe

කොළඹ නිදහස් මාවත ආශ්‍රිතව හෙට විශේෂ සැලැස්මක්…

කොළඹ නිදහස් මාවත ආශ්‍රිතව හෙට (05) පෙරවරු 7.00ට සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව මහතාගේ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිත බැවින් හා ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි.

ඒ අනූව හෙට (05) පෙරවරුවේ සිට පස්වරුව දක්වා නිදහස් මාවත අවට මාර්ගවල මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

අවසර ලත් රථවාහනවලට පමණක් නිදහස් මාවතෙන් ඇතුළු කරන අතර අනෙකු වාහන විකල්ප මාර්ග භාවිතා කළ යුතුය.