FAST NEWS

24×7 Around the Globe

දුමීන්ද සිල්වාගේ පෙත්සම කඩිනම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්..

හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ  සිර දඬුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ගේ මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සමේ නඩු ගොනුව සකස් කිරීමේ ක‍්‍රියාවලිය කඩිනමින් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරීවරයාට අද (04) නියෝග කළේය.

තමා අසනීපකරුවෙකු බව කියමින් දුමින්ද සිල්වා ගොනු කළ විශේෂ පෙත්සමක්  සලකා බැලූ  ප‍්‍රියසාද් ඩෙප්,බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළහ.