FAST NEWS

24×7 Around the Globe

පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම NDB බැංකුවේ කොටස් මිලදී ගනියි..

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩුදී ඇති පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම NDB බැංකුවේ කොටස් මිලදී ගෙන තිබේ.

ඔක්තෝම්බර් 31 වන දින නිකුත් කළ NDB බැංකුවේ ප්‍රධාන කොටස් කරුවන්ගේ ලේඛනයේ ඒ බව සඳහන් විය.

පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම කොටස් මිලියන 6.2 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර එය බැංකුවේ සමස්ත කොටස් වලින් 3.7%කි.

මේ අතර පර්පෙචුවෙල් ඉක්විටි නමැති සමාගමක් ද NDB බැංකුවේ 2.4% ක කොටස් මිලදී ගෙන තිබේ.

පසුගිය ජුනි 30 වනදායින් අවසන් කාර්තුව ට නිකුත් කළ කොටස් හිමි ලේඛනයේ මුල් කොටස්කරුවන් 20 දෙනා අතරට පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගම සහ පර්පෙචුවල් ඉක්විටි ඇතුළත්ව තිබුණේ නැත.