FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්නදට එරෙහි නඩුව මාර්තු දක්වා කල් තැබේ…

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා‍ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 31 වනදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මහින්දානන්ද අළුත්ගමගේ මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදාළ නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දැනුම් දිමට කටයුතු කළේය.

එසේම ඒ සදහා කල් ලබාදෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහෙසේත්‍රාත් අධිකරණය අදාළ නඩුව මාර්තු මස 31 වනදා යළි කැඳවීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.