FAST NEWS

24×7 Around the Globe

ආබාධිත රණවිරු විරෝධතාව 05 වන දිනටත්…

යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාව 05වන දිනටත් අද (04) ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය මස 31 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී මොවුන් මෙම විරෝධතාවය ආරම්භ කළේ සේවා කාලය වසර 12කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් වන තමන්ට හිමි සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමිනි.

ඊයේ (03) දිනයේ සිට විරෝධතාවට සමගාමීව මාරාන්තික උපවාසයක් ද ඔවුන් ආරම්භ කළේය.

මේ අතර රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති යූ.බී වසන්ත මහතා ප්‍රකාශ කළේ මෙතෙක් රජයේ කිසිඳු බලධාරියෙකු තම ගැටළුව පිළිබද සොයා බැලීමට නොපැමිණි බවයි.