FAST NEWS

24×7 Around the Globe

11 සිට 15 දක්වා මොරටුව හා රත්මලාන අතර දුම්රිය ගමන් තාවකාලිකව නවතයි..

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව හා රත්මලාන අතර සැතපුම් 11 යි, දම්වැල් 41 දරන ස්ථානයේ පැරණි දුම්රිය පාලමක් වෙනුවට නව දුම්රිය පාලමක් ස්ථාපිත කිරීම වෙනුවෙන් එළඹෙන 11 වැනිදා රාත්‍රී 10.00 සිට 15 වැනිදා ප.ව. 4.00 දක්වා කාලය තුළ මොරටුව හා රත්මලාන දුම්රිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කරනු ලැබේ.

ඒ අනුව ඉහත කාලය තුළ මාතර හා ගාල්ල දෙසින් පැමිණෙන සියලුම දුම්රියන් මොරටුව දුම්රිය ස්ථානයට පමණක් ධාවනය වන අතර, අනෙකුත් මාර්ගවලින් ධාවනය වන සියලුම දුම්රියන් රත්මලාන දුම්රිය ස්ථානයට පමණක් ධාවනය වේ.

මේ හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව කනගාටුව ප්‍රකාශ කරන අතර, මොරටුව හා රත්මලාන අතර ගමන් පහසුකම් බස් රථ මගින් සලසාගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි. ඒ සඳහා අමතර ලංගම බස් රථ පහසුකම් ලබාදීමට කටයුතු සැලසුම් කරනු ලැබේ.