FAST NEWS

24×7 Around the Globe

විමල් විරවංශ ඇතුළු 17 ක් ජනපති කොමීසම හමුවට කැඳවේ..

හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ හිටපු පොලිස්පතිවරයකු වන මහින්ද බාලසූරිය මහතා ඇතුළු දාහත් දෙනෙකු අද (04) බරපතල මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත කැදවා තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් / ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු සහ වර්තමානයේ මන්ත්‍රී ධුර දරන පිරිස මෙසේ කැදවීම් ලැබූ පිරිස අතරට ඇතුලත් වේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පවතින නිවාස සහ වෙළඳසැල් විකිණීමට අදාළව සිදුවී යැයි පැවසෙන රුපියල් කෝටි තුනකට ආසන්න මූල්‍ය වංචා පිළිබද මෙහිදි ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමීත වේ.

එසේම පොලිස් ආරක්ෂාව ලබාදීමට හිමිකමක් නොමැති ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින්ට පොලිස් ආරක්ෂාව ලබාදීම සහ ඒ වෙනුවෙන් රජයට සිදු කර තිඛෙන රුපියල් කෝටි හතරකට ආසන්න රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.