FAST NEWS

24×7 Around the Globe

රජයේ සම්මුඛ පරීක්ෂණ වලදී ද්වී භාෂා හැකියාවට ප්‍රමුඛත්වය..

රාජ්‍ය අංශයේ රැකියාවලට බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලදී  ද්වී භාෂා  හැකියාව ඇති  අයදුම්කරුවන්ට විශේෂ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික සහජීවනය, සංවාද හා  රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝගනේෂන් මහතා පවසයි.

එමෙන්ම රාජ්‍ය භාෂා අමාත්‍යංශයට බදවා ගැනීම් කිරීමේදී සිංහල සහ දෙමළ ද්වීභාෂා හැකියාව ඇති අයදුම්කරුවන් පමණක් බදවාගැනීමට තීරණය කර ඇති බවත් අමාත්‍යාවරයා වැඩිදුරටත් පැවසීය.

මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන  ප්‍රධානීන්  රාජ්‍ය භාෂා  ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

ජාතිය, ආගම හා  භාෂාව පදනම්කරගෙන  රටේ ජන කොටස් අතර   ප්‍රශ්න ඇති වීම වැලැක්වීමට කටයුතු  කරන බවත්,  රටේ භාෂා ප්‍රශ්නය විසදු විට ජාතීන් අතර  සංහිදියාවට ඇති බාධක ඉවත් වන බවත් අමාත්‍යාවරයා මෙහිදී පැවැසීය.

අන්තවාදී  කොටස්  වැරදි චිත්‍ර මවාපෑම නිසා  ජාතීන් අතර සුහදත්වයට බාධා එල්ලවන බවත්  සිංහල දෙමළ මුස්ලිම්  ජාතීන් වශයෙන් නොව ශ්‍රී ලාංකිකයින් වශයෙන් ඉදිරියට යාමේ යුගය උදාවී ඇති බවත් අමත්‍යවරයා පෙන්වා දෙන ලදී.