FAST NEWS

24×7 Around the Globe

ප්‍රවාහන ඇමතිගේ තීරණයට ඉඩ නොදෙන බව ගෙට්ටුකරුවෝ කියයි..

දුම්රිය ගේට්ටු මුර කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් යෙදවීමට ප්‍රවාහන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බව අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන්ගේ සංගමය පවසයි.

සිය ගැටළුවලට විසදුම් ලබාදීම වෙනුවට අමාත්‍යවරයා නව ගැටළු ඇති කිරීමට උත්සාහ දරමින් සිටින බව එම සංගමය පෙන්වා දෙයි.

දුම්රිය ගේට්ටුකරුවන් ආරම්භ කර ඇති වෘත්තී ක්‍රියාමාර්ගය නිසා අනාරක්ෂිතව පවතින ස්ථාන වෙනුවෙන් සිවිල් ආරක්ෂක භටයින් යෙදවීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඊයේ  (02)ප්‍රකාශ කළේය.