FAST NEWS

24×7 Around the Globe

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් තවදුරටත් අහස වළාකුලින් බරව පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරාත්තු විය හැක.

නොවැම්බර් 07දා දක්වා විශේෂයෙන් දකුණු මධ්‍යම බස්නාහිර හා සබරගමු පළාත්වල තද වැසි බලාපොරාත්තු විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට උදේ කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේකෂා කළ හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.