FAST NEWS

24×7 Around the Globe

පුංචි ජන්දය : පෙත්සමට උත්තර බඳින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඇමති ෆයිසර්ට කියයි..

නිල කාලය අවසන් පළාත් පාලන ආයතන සඳහා මැතිවරණයක් වහාම පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද(02) කැඳවීය.

එ අනුව එහිදි පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීමට පළාත් පාලන අමාත්‍ය ෆයිස්ර් මුස්තාෆා මහතාට ලබන 18 වැනිදා තෙක් කල් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මැතිවරණය දිගින් දිගටම කල් තැබීමට පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා කටයුතු කරන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ඒ සඳහා පිළිතුරු දීමට ඇමතිවරයාටද අවස්ථාව දිය යුතු බවට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස කල් ලබා දෙන ලදී.

ගාල්ල සහ මාතර පළාත් පාලන ආයතන වල මැතිවරණ පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම පළාත් පාලන ආයතන සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් පිරිසක් අදාළ පෙත්සම ගොනුකර තිබූණී.