FAST NEWS

24×7 Around the Globe

සා’පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන ජූලි මස30 නිකුත් වේ.

පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන ජූලි මස30 වන දා නිකුත් කිරීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර පැවසුවේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා අපේක්ෂකයින් එක් ලක්ෂ හත් දහසක් අයදුම් කර ඇති බවයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අදාළ පාසල් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල නිවෙස් වෙත තැපැල් කර කටයුතු යොදා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මෙවර නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර පසුගිය වසරට වඩා මසකට කලින් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වන බවය.