FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකා මැරීන් බළකායට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බව රුසියාව කියයි..

නෝර්වේහි 330 ක ඇමෙරිකානු මැරීන් බළකායක්‌ ස්‌ථානගත කළහොත් න්‍යෂ්ටික බලය යොදවන බව රුසියාව තර්ජනය කර ඇති බව විදෙස් මා
මාධ්‍ය පවසයි.

නෝර්වේ රාජ්‍යයේ ඇමෙරිකානු කඳවුරක්‌ ස්‌ථාපිත කිරීම තමන්ට තර්ජනයක්‌ බව රුසියාව පවසයි.

තම රට තුළ විදේශ හමුදා බළකායක්‌ ස්‌ථාපිත නොකරන බව නෝර්වේ බලධාරීන් රුසියාවට පොරොන්දු වී තිබුණි.

රුසියානු ආරක්‌ෂක කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානී ප්‍රැන්ට්‌ස්‌ කිලින්ට්‌සෙට්‌න් පැවසුවේ ඇමෙරිකාවේ මෙම ක්‍රියාදාමය අනුමත නොකරන බවයි.