FAST NEWS

24×7 Around the Globe

බෞද්ධ ධර්මාචාර්ය විභාගයට ප්‍රවේශ පත්‍ර යොමු කෙරේ…

මේ මස 12 වනදා ආරම්භ වීමට නියමීත බෞද්ධ ධර්මාචාර්ය විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත මේ වනවිට යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන 08 වැනිදාට පෙර එම ප්‍රවේශ පත්‍ර නොලැබුණහොත් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව වෙත හෝ 1911 යන ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

විභාග මධ්‍යස්ථාන 159කදී පැවැත්වීමට නියමිත මෙවර ධර්මාචාර්ය විභාගය සඳහා අපේක්ෂකයන් 23,145 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.