FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමැති ජෙයරාජ් ඝාතන නඩුව කල් තැබේ…

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  ඇතුළු 16 දෙනෙකු 2008 අප්‍රේල් 6 වැනි දා  ඝාතනය කිරිමේ නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ අද (2) කැඳවිණි.

රජයේ  නීතිඥයවරයා  අද (02) පෙනී නොසිටි බැවින්  නඩුව නොවැම්බර් 22 වැනි දක්වා  කල්තැබිණි.

සැකකරුවන් වන ගම්පහ හිටපු  සහකාර  පොලිස්  අධිකාරි  සෙනරත්  ලක්ෂ්මන් කුරේ  සහ එල්ටීටීඊ සාමාජිකයන් වන සෙල්වරාජා පිරුබාකරන්,සම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් අධිකරණයට  ඉදිරිපත් කරනු ලැබ සිටියහ.