FAST NEWS

24×7 Around the Globe

යාපනයේ සරසවි සිසුන් දෙදෙනා වන්දි දෙන බව ජනපති කියයි..

පසුගිය මස 20 වැනිදා යාපනයේදී පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

යාපනය විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) ජනපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.

එසේම ඔවුන්ගේ මරණ පිළිබඳව වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනම් කිරීමට ද ජනාධිපතිවරයා නීතිපතිට උපදෙස් දී ඇත.

මෙම සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාද එක්ව සිටියේය.