FAST NEWS

24×7 Around the Globe

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව ඉවත් කෙරේ..

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් රුසියාව සිය සාමාජිකත්වයෙන් ඉවත්කර ඇත.

2006 වසරේ දී ආරම්භ කළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ලෝක බලවතෙක්‌ සාමාජිකත්වයෙන් ඉවත් කළ මුල් අවස්‌ථාව මෙයයි.

සිරියාවේ අසාද් රජයට සහයවීම සහ ඇලෙප්පෝ නගරයට ප්‍රහාර එල්ල කිරීම යන චෝදනා රුසියාවට එල්ල වී ඇත.

මේ පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ රුසියානු තානාපති විටලි චුර්කිඩ් පැවසුවේ හන්ගේරියාව සහ ක්‍රොඒෂියාව යන රටවල් රුසියාව සමඟ තරග කළ බවත් එම රටවල් ජාත්‍යන්තර ප්‍රශ්න ගැන දන්නේ නැති බවත්ය.

රුසියාව මානව හිමිකම් කවුන්සිලයෙන් පරාජය වී ඇත්තේ ඡන්ද දෙකකිනි.