FAST NEWS

24×7 Around the Globe

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නැගෙනහිර ආඥාපති ලෙස වැඩ භාර ගනී…

නැගෙනහිර නව ආඥාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අද (01දා) පෙරවරුවේ වැඩභාර ගත්තේය.

නැගෙනහිර හිටපු ආඥාපති මේජර් ජෙනරාල් උදයන්ත විජේරත්න මහතා යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි එම තනතුරෙහි වැඩ භාර ගත්තේය.

නැගෙනහිර පළාතේ 14 වැනි ආරක්ෂක සේනාවිධායකවරයාද වන දර්ශන හෙට්ටිආරච්චි මහතා 22 වැනි හා 23 වැනි සේනාංකාධිපති වශයෙන්ද, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන්ද කලක් සේවයට කර තිබේ.