FAST NEWS

24×7 Around the Globe

නල්ලතන්නියයේ නිවාඩු නිකේතනය ඉදිකිරිම මධ්‍යම පරිසර අධිකාරියෙන් අත්හිටුවයි..

නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා තිබේ.

ඊයේ (31) වතුයායේ නිරික්ෂණ චාරිකාවක නිරත වු මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් තමාට ඒ පිළිබදව උපදෙස් ලබාදුන් බව එම වතුයායේ වතු අධීකාරි දිෂාන් සෙනවිරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.

මාවුස්සාකැලේ ජලාශයට ඉහලින් මරේ දිය ඇල්ලට නොදුරු එම වතුයායේ තිබු නිවාඩු නිකේතනය කඩා ඉවත් කර ඒ වෙනුවට අළුතින් නිවාඩු නිකේතනයක් ඉදිකිරිම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ අඹගමුව ප‍්‍රාදේශීය සභාවෙන් ඒ සදහා අනුමැතිය ලබා ගෙන ඇති බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.