FAST NEWS

24×7 Around the Globe

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 1500ක් අත්අඩංගුවට ගැනේ..

පාකිස්තාන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයකු වන හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 1500ක් පමණ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඉස්ලාමාබාද් නුවර දී දැවැන්ත දේශපාලන රැලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබියදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇති අතර අගමැති නවාෆ් ෂරීෆ්ගේ රජයට විරුද්ධව ඔවුහු මෙම රැලිය සංවිධානය කැර තිබිණි.