FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටුව හා පිටකොටුව අවට තවමත් අවහිරයි..

යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය විසින් ඊයේ (31) ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඒ හේතුවෙන් මේ වනවිට ඕල්කට් මාවත, පිටකොටුවේ සිට කොළඹ කොටුව දෙසට තවදුරටත් අවහිර වී ඇතැයි වාර්තා වේ.

පොලිස් රථවාහන අංශය සඳහන් කළේ පිටකොටුව අවට ඇති වී තිබෙන මෙම වාහන තදබදය හේතුවෙන් ඒ හා සම්බන්ධිත මාර්ගවල ද රථවාහන තදබදයක් ඇති විය හැකි බවයි.

මෙම ආබාධිත රණවිරුවන් කොළඹ කොටුව – දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන්නේ ඊයේ (31) දහවල් සිටය.