FAST NEWS

24×7 Around the Globe

මන්ත‍්‍රී රවිරාජ් ඝාතන නඩුව දිනපතා විභාගයට ගැනීමට තීරණය කෙරේ….

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කළ බවට විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන 21දා සිට දිනපතා,සිංහල කතා කරන ජුරි සභාවක් හමුවේ විභාග කිරීමට කොළඹ මහාධිකරණ අද (31) තීරණය කළේය.

මෙම නඩුව ජුරි සභාවක් හමුවේ විභාග කරන ලෙස විත්තිකරුවන් අධිකරණයෙන් කළ ඉල්ලීමට හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉදිරිපත් කළ විරෝධතාවය ප‍්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව ජුරි සභාවක් හමුවේ විභාග කිරීමට තීරණය කලේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.