FAST NEWS

24×7 Around the Globe

බියගම අවට ප්‍රදේශයට පැය 12 ක ජල කප්පාදුවක්…

බියගම ප්‍රදේශයේ ජල සැපයුම වැඩිදියුණු කිරීම සඳහා කැලණිය මුදුන්ගොඩ මාර්ගයේ එලන ලද නව ජලනල මාර්ගයේ පවතින ජලනල පද්ධතියට සම්බන්ධ කිරීම හේතුවෙන් එ අශ්‍රීත ප්‍රදේශයට හෙට (01දා) දින පෙ.ව 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12 ක කාලයක් ජප කප්පාදු කෙරේ.

එ අනුව දේවමිත්ත, බියගම, කොට්ටුන්න, බණ්ඩාරවත්ත, බොල්ලෑගල, පට්ටිවිල, මානෙල්වත්ත, තලවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.