FAST NEWS

24×7 Around the Globe

වකුගඩු රෝගය නිරවාරණයට ශ්‍රී ලංකාව චීනය සමග ගිවිසුමකට අත්සන් තබයි..

වකුගඩු රෝගයට බලපා ඇති හේතු සහ එය නිවාරණය කිරීමේ විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාත්, චීන රජය වෙනුවෙන් එරට විද්‍යා පරීක්ෂණ ආයතන සභාපතිවරයාත් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙරට දිස්ත්‍රික්ක 12ක් පුරා ව්‍යාප්තව පවතින‍ වකුගඩු රෝගයෙන් වැඩි පීඩාවකට පත්ව සිටින්නේ උතුරු මැද පළාතේ ජනතාව බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

චීනය සමග අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම මගින් වකුගඩු රෝගය සඳහා පදනම් වන නිශ්චිත රෝග කාරක සෙවීම, වකුගඩු රෝගය ප්‍රාථමික අවදියේ දී හඳුනාගැනීම සඳහා පර්යේෂණ උපකරණ ලබාදීම මෙන්ම වකුගඩු රෝගීන්ගේ දත්ත නවීන ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම ද සිදුකෙරෙනු ඇත.

මෙම ගිවිසුමට අදාළව චීනයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.