FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා ලෝටස් වට රවුම වැසේ…

සිය විශ්‍රාම වැටුප කපා හැරීමට විරෝධය පළ කරමින් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය නියෝජනය කළ විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති බව වාර්තා වෙයි.

ආදාළ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදීම සඳහා යාමට උත්සාහ කිරීම හේතුවෙන් රථවාහන තඳබදය හටගෙන ඇති බවයි.

එම හේතුවෙන් ගාලු මුවදොරට ඇතුළ වන ලොටස් වට රවුම තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවද පොලීසිය කියයි.

වසර 10කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ යෝජිත සේවා විශ්‍රාම වැටුප චක්‍රලේඛණයකට පමණක් සීමාකර ඇති බව පවසමින් පසුගිය ජුලි මස 30 වැනිදාද පිටකොටුව ප්‍රදේශයේ දී ආබාධිත රණවිරුවන්  උද්ඝෝෂණය නිරත වුණි.