FAST NEWS

24×7 Around the Globe

‘ආවා’ කල්ලියේ යැයි සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට..

යාපනයේ අපරාධ කරන ‘ආවා’ නම් කණ්ඩායමට අයත් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ (30දා) යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සන්තකයේ තිබී කඩු දෙකක්ද සොයාගෙන ඇති අතර නාට්‍යයක් පුහුණුවීම් සඳහා අදාළ කඩු රැගෙන ගිය බවට සැකකරුවන් පවසා තිබේ.