FAST NEWS

24×7 Around the Globe

නොරොච්චොලේ තුන්වන අදියර හෙට සිය ක්‍රියාත්මක කෙරේ..

නොරොච්චොලේ තුන්වන අදියර සදුදා (31) සිට ක්‍රියාත්මක කරන බවත් එමගින් ජාතික පද්ධතියට මෙගාවොට් 900 එක්වන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ කණිෂ්ඨ සේවකයාගේ සිට සාමාන්‍යාධිකාරීවරයා දක්වා කරනු ලබන දැවැන්ත කැපකිරීම හේතුවෙන් මේවනවිට 100%ක් රට විදුලියෙන් සවිමත් කිරීමේ හැකියාව ලැබී ඇති බව අම්පාර ජාතික විදුලි ජංගම සේවය අමතමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කීය.

අම්පාර දිස්ත්‍රික්කයේ 100%ක් විදුලියනය කිරිම සහ ජාතික විදුලි ජංගම සේවයට එක් වෙමින් අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කළේය.