FAST NEWS

24×7 Around the Globe

අනවසර සංක්‍රමණිකයන්ට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් දැඩි නීති…

යාත්‍රා මගින් සිය රටට ඇතුළුවීමට තැත් කරන අනවසර සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි නීති හඳුන්වා දීමට ඔස්ට්‍රේලියාව සූදානම් වේ.

ඔස්ට්‍රේලියානු රජය සඳහන් කළේ, ඒ අනුව ව්‍යාපාර සඳහා හෝ සංචාරකයන් වශයෙන් හෝ සිය සැමියා හෝ බිරිඳ ඔස්ට්‍රේයානුවකු වන පුද්ගලයෙකු වුවත් අනවරසරයෙන් එරටට ඇතුළු වුව හොත් එම පුද්ගලයාගේ වීසා ජීවිත කාලයට ම බලාත්මක වන පරිදි තහනමට ලක්වනු ඇති බව ය.

මිනිස් ජාවාරම්කරුවන් වෙත පැහැදිලි පණිවුඩයක් යැවීම මෙහි අරමුණ බව ඔස්ට්‍රේලියා  අගමැති මැල්කම් ටර්න්බුල් සඳහන් කළේ ය.

එම යෝජිත තහනමට අනුමැතිය ලබා ගැනීම සඳහා අනවසර සංක්‍රමණිකයින් සඳහා වන නව නීති මේ සති අන්තයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා යාත්‍රා මගින් පැමිණි අනවසර සංක්‍රමණිකයෝ නාවුරු සහ පැපුවානිව්ගිනියාහි මැනූස් දිවයිනේ කඳවුරු තුළ රඳවා සිටිති.

මේ අතර නව නීතිය බලාත්මක වන්නේ, 2013 වසරේ ජුලි 19 වන දා සිට නාවුරු සහ මැනුස් දූපතේ කඳවුරුවල සිටින අනවසර සංක්‍රමණිකයින්ට ය.

අනවසර සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි නීති හේතුවෙන් ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව සිටී.