FAST NEWS

24×7 Around the Globe

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු දිවයිනට…

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු සිවුදින නිල සංචාරයක් සදහා ලබන (31) සදුදා දිවයිනට පැමිණෙන බව යුරෝපා සංගමය නිකුත් කල නිවේදනයේ දැක්වේ.

මේ සංචාරයේදී අදාළ මන්ත්‍රීවරු ජාතික සංහිදියා ක්‍රියාවලිය ලබා ඇති ප්‍රගතිය සහ දේශපාලන හා ආර්ථික වශයෙන් කාන්තාවන් බලගැන්වීම පිලිබඳ යන කාරණා පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිත බව පැවසේ.

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහනය නැවත ලබාගැනීමේ ඉල්ලීම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම පිළිබඳවද යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන් සොයා බැලීමට නියමිත බව මේ අතර වාර්තා වේ.

බෙල්ජියම් සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබිණි.

එහිදී ශ්‍රී ලංකාවට ජී එස් පී සහනය යළි ලබාගැනීම සදහා ඉල්ලීම, වගවීම, සාධාරණත්වය, සුලු ජාතීන්ගේ අයිතීන් සහ දුගී බව නැති කිරීම් වැනි කරුණු පිළිබඳ අවධානය යොමුකල බවද පැවසේ.