FAST NEWS

24×7 Around the Globe

වැට් 4%න් 2017 දී වැඩිපුර රුපියල් බිලියන 100 අදායමක්….

නොවැම්බර් 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද 15%ක් දක්වා 4%කින් වැඩි කිරීම මගින් රජය රුපියල් බිලියන 100ක ආදායමක් 2017 වසරේදී බලාපොරොත්තු වන බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. සෙනෙවිරත්න මහතා කොළඹදී අද (28දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

මේ වන විට වැට් බදු හරහා වාර්ෂිකව රජය රුපියල් බිලියන 280ක ආදායමක් උපයන බවත් බදු අයකිරිම හරහා ලබන වසර අවසානය වෙන විට එම ආදායම රුපියල් බිලියන 380ක් දක්වා වර්ධනය කර ගැනීමට අපෙක්ෂා කරන බවද හෙතම සඳහන් කළේය.