FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ගේට්ටුකරුවන් 31දා දීපව්‍යාප්ත වර්ජනයක…

ඉල්ලීම් 3ක් මුල්කරගනිමින් මෙම 31දා දීපව්‍යාප්ත වර්ජනයක් කිරීමට දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය ගෙන ඇති තීරණය අනුව කන්ත‍ලේ, තඹලගමුව හා අග්බෝපුර යන ‍පොලිස් කොට්ඨාසවල රේල් ගේට්ටු 60ක ප්‍රමාණයක් එදින අනාරක්ෂිත තත්ත්වයකට පත්වෙනු ඇත.

මේ අනුව කන්ත‍ලේ ප්‍රදේශයේ රේල් ගේට්ටු 6ක් මෙලෙස අනාරක්ෂිත වනු ඇත.යෝජිත වර්ජනය පිළිබඳව විමසීමකදී එම සේවකයන් පවසා සිටියේ දින 31ක් වැඩ ගෙන දින 30ක වැටුප් ගෙවීම, සේවය ස්ථිර නොකිරීම හා වැටුප ප්‍රමාණවත් නොවීම මෙම වැඩ වර්ජනයට පාදක වී ඇති බවත් මීට විසඳුමක් නොදුනහොත් 31 දාට පසු ඒ පිළිබඳව සාකච්ඡා කොට දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් සූදානම් බවත්ය.