FAST NEWS

24×7 Around the Globe

මීයන්මාර මුහුදේදි ගුවන් යානයක් අනතුරට පත්වේ….

මියන්මාරයට ඔබ්බෙන් බටහිර මුහුදේ ගුවන් යානයක් අනතුරට පත්ව ඇති බවත්, අනතුරට පත්වූ යානය හඳුනාගැනීම හා අනතුරට පත් ස්ථානය තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවත් එරට සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව පවසන බව විදෙස් පුවත් වාර්තා කරයි.

මියන්මාර සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා සිටියේ එරට ගුවන්සේවාවන් හි යානයක් අනතුරට පත්ව නොමැති බව මේ වනතෙක් සිදුකළ නිරීක්ෂණයන්හිදී තහවුරු වී ඇති බවයි.

ඒ අනුව, අනතුරට පත් යානය තහවුරු කරගැනීම සඳහා කලාපීය සිවිල් ගුවන් සේවා බලධාරීන් සමග තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බවත් මියන්මාර බලධාරීහු පවසා තිබේ.