FAST NEWS

24×7 Around the Globe

රක්නා ලංකා ඇතුළු සමාගම් කිහිපයක වංචා දුෂණ පිළබඳ වාර්තා ජනපතිට…

සී මාර්ෂල්වරුන්ගේ අවි ගබඩා ව්‍යාපෘතිය ඇවන්ගාඩ් සමාගමට පැවරීමෙන් ‘රක්නාලංකා ආරක්ෂක සමාගම’ සිදුකර ඇතැයි කියන වංචා දූෂණ  පිලිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව, රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා විසින් ඊයේ (27) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතට භාර දුන්නේය.

මිට අමතරව පසුගිය පාලන සමයේදී තවත් රාජ්‍ය ආයතන දෙකක සිදුවී ඇතැයි  කියන රාජ්‍ය මුදල් හා සම්පත් අවභාවිතය අදාළ වංචා දූෂණ පිළිබඳ සියලුම පරීක්ෂණ අවසන් කර කොමිසමේ නිර්දේශ ඇතුළත් කරන ලද වාර්තා දෙකක්  ද ජනාධිපතිවරයා වෙත ඊයේ  බාරදෙනු ලැබිය.

වැලිසර වෙඩි‍ බෙහෙත් ගබඩාව හා  හලාවත කුරුණෑගල වැවිලි සමාගම් පිලිබඳ විමර්ශන වාර්තා එසේ බාරදුන් බව  කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පැවසීය.