FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදී ලසන්ත ඝාතන සැකකාර බුද්ධි අංශ සැරයන්ට ඇප…

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුධ හමුදා බුද්ධි අංශ සැරයන්වරයාව  ඇප මත මුදා හැරීමට අද (27)  ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එ අනුව රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 3 ක් මත ඔහු මුදා හැරීම නියෝග කළේය.

එසේම ඔහුට සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.