FAST NEWS

24×7 Around the Globe

අනිද්දායින් පසු වර්ෂාව වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්…

 

අනිද්දායින් පසු වැසි තත්වයෙහි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ දැනට මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කයන්ට් සුළි කුණාටුව දිවයිනට ඊසාන දිගින් කිලෝමීටර් දහසක් පමණ දුරින් ස්ථානගතව ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙමගින් දිවයිනට සෘජු බලපෑමක් ඇති නොවුණත් උතුරු පළාතට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි.

වැසිත් සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.