FAST NEWS

24×7 Around the Globe

එක්නැළිගොඩ නඩුවේ පළමු හා තෙවැනි සැකකරුවන්ට ඇප…

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කළැයි සැකපිට අවිස්සාවේල්ල අධිකරණයෙන් ඇප ලබාදීමට නියෝග කැරුණු එම නඩුවේ පළවැනි හා තෙවැනි සැකකරුවන් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද (27) ඇප මත නිදහස් කළේය.

රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන සහ මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ හෙවත් නාදන් එසේ ඇප මත මුදා හැරිණි.

එසේම අධිකරණය ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කළේය.