FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන කලවම් කර අලෙවි කළහොත් බලපත්‍රය අවලංගුයි…

ඉන්ධන කලවම් කර අලෙවි කළහොත් ලබාදී තිබෙන බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ‍ඊයේ (26දා) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

ඉන්ධන කවලම් කර අලෙවි කරන බවට තොරතුරු  තමා වෙත ලැබී තිබෙන බවත්, ඉන් ස්ථාන දෙකක් පිළිබඳ පරීක්ෂා කිරීම සිදුකරන බවද හෙතෙම පැවසීය.

තමා අමාත්‍යාංශය බාරගත් පසු සකස් කළ නව වැඩපිළිවෙළ හරහා ගෙවීගිය වසර එක හමාරක තුළ ප්‍රමිතියෙන් තොර ඉන්ධන ලංකාවට ගෙන්වීමට ඉඩ ලබා නොදුන් බවත්, එවන් තත්ත්වයක් තුළ කිසිවෙකුටත් ප්‍රමිතියෙන් තොර ඉන්ධන අලෙවි කිරීම කළ නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.