FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම ඉතාලියට ප්‍රබල භූ කම්පනයක්…

මධ්‍යම ඉතාලියට බලපෑ ප්‍රබල භූ කම්පන දෙකකින් ගොඩනැගිලි රැසක් කඩා වැටී, ජනතාව බියෙන් වීදිවලට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි රික්ටර් පරිමාණ 5.5ක ප්‍රථම භූ කම්පනය මැසෙරාටා ප්‍රාන්තයේ, විස්සෝ නගරය ආසන්නයේ සිදුව ඇති අතර, ඉන් පැය දෙකකට පසුව රික්ටර් පරිමාණ 6.1ක භුකම්පනයක් එම ප්‍රදේශයේම ඇති වී තිබේ.

කෙසේ වෙතත්, භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ වාර්තා වීමක් නොවීය.