FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු බැදුම්කර කොප් වාර්තාව සිකුරාදා පාර්ලිමේන්තුවට..

මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේ වාර්තාව ලබන සිකුරාදා (28)  දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.

අද පස්වරු 2.30 ට රැස්වූ එම කමිටු රැස්වීම රාත්‍රී 8.30 පසුවන තුරුත් පැවැති බවද පැවසේ.

මෙම රැස්වීමට කමිටු සාමාජිකයන් 26 දෙනාගෙන් 20 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.