FAST NEWS

24×7 Around the Globe

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 53කින් අද (26) පස්වරුවේ සම්මත විය.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 76ක්ද විපක්ෂව ඡන්ද 23ක්ද ලැබුණු අතර 125 දෙනෙකු ඡන්ද විමසන අවස්ථාවේදී සභා ගැබේ නොසිටියේය.

මෙකී සංශෝධිත පනත දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 66කින් එය සම්මත වූ අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 112ක්ද, විපක්ෂව ඡන්ද 46ක්ද ලැබුණු අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

එම අවස්ථාවේ ඡන්දය දීමට නොපැමිණි සිටි ගණන 65ක් විය.