FAST NEWS

24×7 Around the Globe

යාපනයේ හර්තාල් අවසන් – ජන ජීවිතය යථා තත්වයට පත්වේ..

යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට ශෝකය පලකිරීමත් අදාල මරණයට වගකිව යුත්තන්ට වහාම නීතිය ක්‍රියාත්මක කොට සාධාරණයක් කරන ලෙස ඉල්ලා ඊයේ (25) උතුරු පලාත පුරා හර්තාලයක් ක්‍රියාත්මක වු හේතුවෙන් එහි සාමාන්‍ය ජනජීවිතය අඩාල වී තිබුණි.

නමුත් මේ වන විට යාපනය කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම් හා වව්නියාව දිස්ත්‍රීක්කයන්හි පිහිටි සියලු වෙළඳසැල් විවෘත කර ඇති අතර උතුරු පලාතේ බස්ධාවනය ද යථා තත්වයට පත්ව ඇති බව වාර්තා වේ

ඊයේ  (25) දිනයේ දී පාසල් වසා දැමීම නිසා අධ්‍යාපන කටයුතු ද අඩාලව පැවතුනි නමුත් මේ විට සියළු පාසල් යළි අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කොට තිබේ.